මගෙ හිත හරිම නපුරුයි කෙල්ලෙ

එදා යන්න තිබ්බෙ වෙන ගමනක්
ඔව්, වෙනමම ගමනක්
එහෙම ගියානම් අපි දෙන්නගෙම මතකයන්
මේ තරම්ම දුක්බර නොවෙන්න තිබ්බ
ඒත් අපි ගියා, ඔව් අපි හිතුවත්, නොහිතපු විදියකට ගියා
ඔයා අඩපු කදුලු වල ගණකම.. හ්ම්ම්
ඒ කදුලුවලින් ඔයා ඇහුවෙ අපි කරන දේ තේරුම
මම දන්නව මම හොද මිනිහෙක් නෙමෙයි කියල
ඒත් මම නරක මිනිහෙකුත් නෙමෙයි කියල ඔයත් දන්නව
අපි දෙන්නම එදා ඒ වින්ද සතුට
දෙන්නට දෙන්න ලෝකෙට හොරෙන් වින්ද ආදරය
මම දන්නව ඒ ආදරය නෙමෙයි කියල
මම ආදරය කරන්න දන්න කෙනෙකුත් නෙමෙයි කියල
හැබැයි ඔයා, ඔයා මුලු හදවතින්ම කලේ ආදරේ
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ ආදරේ.

Comments

  1. මිනිස්සුන්ට තමන් හරියි කියලා කියන්න මාර ලේසියි දන්නවද.
    ආදරේ ඇතුලෙත් එහෙමයි
    මගේ පැත්තෙන් මම හරි වෙද්දි ඔයාගෙ පැත්තෙන් ඔයා හරි වෙන්න ඇති
    ඒහින්ද වෙන්නත් ඇති අපි දෙන්නා කවදාවත් උඹ කියලාවත් බැනගෙන නැත්තෙ.
    අදට මාස ගානක් ගිහිල්ලත් ඔයා මම වෙනුවෙන් කරපු දේවල් එක්ක මම අනිත් අයවත් සංසන්දනය කරනවත් ඇත්තෙ.
    ඒත් මම දන්නවා මට ඔයාව එපා බව.
    ඒත් මේ feeling එකමොකක්ද කියලවත් දන්නැතුව මම මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියලා එක පාරක් කියන්න පුලුවන්ද?
    එක්කො එපා.
    මගේ ආදරේට දූවිල්ලක තරම් වත්
    වටිනකමක් දුන්නැති ඔයා වගේ මනුස්සයෙක් ගෙන් එහෙම ඇහුවා කියලා ඇති වැඩක් නෑ :)
    ඉන්න තැනක සතුටින් ඉන්න..
    මිනිස්සුනේ.. වැරදි වෙනවනේ..
    කියලා මම අතෑරලා දාන්නම්

    කලින් ඔයාගෙ උනු දැන් අයිතිකාරයෙක් නැති,
    -P-

    ReplyDelete
  2. මිනිස්සුන්ට තමන් හරියි කියලා කියන්න මාර ලේසියි දන්නවද.

Post a Comment

Popular posts from this blog

Android පිස්සුව සහ තවත් Phone කතා

The "Ubuntu" family

අදට මාස හතරක්