Posts

Showing posts with the label Windows

Sumatra PDF සිංහල අතුරුමුහුණත

මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන ගොඩක් දෙනා PDF Reader එකක් විදියට පාවිච්චි කරන Adobe Reader වැනි මෘදුකාංග භාවිතයේදී පරිගණකයෙ සම්පත් විශාල ප්‍රමාණයක් අවශ්‍යය කරන නමුත් මෙයට විකල්පයක් විදියට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකදි පහසුවෙන් භාවිත කරන්න පුලුවන් සරල, නිදහස් හා විවෘත මෘදුකාංග PDF කියවනයක් විදියට Sumatra PDF මෘදුකාංගය හදුන්වන්න පුලුවන්. සරල අතුරුමුහුණතක් පැවතීම මෙන්ම භාවිතයේ ඇති සරල බවට අමතරව පරිගණකයේ ස්ථාපනයකින් තොරව වැඩකිරීමේ හැකියාව ඇති (Portable) සංස්කරණයකින්ද සමන්විත බැවින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මතදී ඉතා පහසුවෙන් PDF ගොනු කියවීමට Sumatra PDF මෘදුකාංගයේ සහය ලබා ගන්න පුලුවන්. ඉතින් අද කියන්න යන්නෙ මේ Sumatra PDF මෘදුකාංගය සිංහල භාශාවෙන්ම භාවිත කරන්න පුලුවන් එක ගැන. මේකට ගොඩක්ම ස්තූතිවෙන්න ඕන දමිත්ට . මොකද මට මේක ගැන මුලින්ම විස්තර කිව්වෙ දමිත්. කොහොමහරි අතුරුමුහුණත සිංහලට පරිවර්ථනය කරල මෘදුකාංගයෙ නිර්මාතෘ Krzysztof Kowalczyk ට යැව්වට පස්සෙ එදාම වගේ PDF reader එකේ pre release version එකට සිංහල අතුරුමුහුණතත් එකතුකරල තිබ්බ. ඉතින් ඒ ගැන ඔහුටත් ස්තූතිවන්ත වෙ...

FOSS for windows

Image
වර්ථමානයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය හා දැනට වැඩිපුරම භාවිත කරන වාණිජ මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස්(Windows) මෙහෙයුම් පද්ධතිය සදහා භාවිත කල හැකි නිදහස් හා විවෘත මෘදුකාංග ඉතා විශාල සංඛ්‍යාවක් තිබුණත් ගොඩ දෙනෙක් තාමත් පාවිච්චි කරන්නෙ ව්‍යාජ මෘදුකාංග පිටපත්(Software Pirate Copies). නමුත් මේ වෙනුවට කිසිදු මුදලක් වියදන් නොකර ඉතා ඉහල මට්ටමේ විවෘත මෘදුකාංග(Open Source Software) පිටපත් නොමිලයේම භාවිතා කරන්න පුලුවන්.