Posts

Showing posts with the label සිංහල

Android පිස්සුව සහ තවත් Phone කතා

මන් හෙන ස්මාර්ට් ෆෝන් පිස්සෙක් :D මුලින්ම මට පිස්සුව ආවෙ ඇපල් iphone එක ආවට පස්සෙ. ඒ දවස්වල ඇපල් සයිට් එකේ පදින්චිවෙලා හිටියෙ. හැබැයි ඊට කලින්නන් මට Mobile Phones ගැන එච්චර උනන්දුවක් තිබ්බෙ නෑ. අනික ඒ දවස්වල Call එකක් ගන්න SMS එකක් යවන්න පුලුවන්නන් එච්චරයිනෙ, (දැන්නන් මේ දෙක නැතත් කමක්නෑ) කොහොමහරි ඒ දවස්වල විභාග භීතිකාවෙන් පෙලිච්ච හින්ද iPhone ඇම්ම අඩුවෙලා ගියා. ඔය අතරෙ 2009 මුලදි වගේ මට හැදුන Android ඇම්මක්. මේක උනෙ රෑ පාඩන් කරද්දි කම්මැලි හින්ද නෙට් එකේ සර්ච් පාරක් දදා හිටිය. ඔය වෙලාවෙ තමා මට මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් ගැන මීටර් උනේ. කොහොමහරි එදා රෑ නිදිමරාගෙන කලේ ඇන්ඩ්‍රොයිඩ් ගැන හෙව්ව එක. අන්තිමට දවස් දෙක තුනක් යද්දි මට ෆුල් ඇන්ඩ්‍රොයිඩ් මේනියාව. මේකට ඒ දවස්වල තිබ්බ ලිනක්ස් උනත් එක හේතුවක්. හැබැයි හිතට වදින ෆෝන් එකක් සෙට් උන්නෑ. ඉතින් කලේ Phones හොයන එක. මොකද මට ඕනෙ ඇන්ඩ්‍රොයිඩ් රන් වෙන iphone එක වගේ ලුක් එක තියෙන ෆෝන් එකක්. අනික බජට් එකට සෙට් වෙන්නත් ඕනෙ. කොහොමහරි විභාගෙ හින්ද නෙට් යෑමත් බල්ලට ගිහින් තිබ්බෙ. ඒ අස්සෙ smart phone පිස්සුවත් ටිකක් අමතක වෙලා ගියා. අන්තිමට සාපෙ ලංවෙලා ...

Sumatra PDF සිංහල අතුරුමුහුණත

මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන ගොඩක් දෙනා PDF Reader එකක් විදියට පාවිච්චි කරන Adobe Reader වැනි මෘදුකාංග භාවිතයේදී පරිගණකයෙ සම්පත් විශාල ප්‍රමාණයක් අවශ්‍යය කරන නමුත් මෙයට විකල්පයක් විදියට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකදි පහසුවෙන් භාවිත කරන්න පුලුවන් සරල, නිදහස් හා විවෘත මෘදුකාංග PDF කියවනයක් විදියට Sumatra PDF මෘදුකාංගය හදුන්වන්න පුලුවන්. සරල අතුරුමුහුණතක් පැවතීම මෙන්ම භාවිතයේ ඇති සරල බවට අමතරව පරිගණකයේ ස්ථාපනයකින් තොරව වැඩකිරීමේ හැකියාව ඇති (Portable) සංස්කරණයකින්ද සමන්විත බැවින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මතදී ඉතා පහසුවෙන් PDF ගොනු කියවීමට Sumatra PDF මෘදුකාංගයේ සහය ලබා ගන්න පුලුවන්. ඉතින් අද කියන්න යන්නෙ මේ Sumatra PDF මෘදුකාංගය සිංහල භාශාවෙන්ම භාවිත කරන්න පුලුවන් එක ගැන. මේකට ගොඩක්ම ස්තූතිවෙන්න ඕන දමිත්ට . මොකද මට මේක ගැන මුලින්ම විස්තර කිව්වෙ දමිත්. කොහොමහරි අතුරුමුහුණත සිංහලට පරිවර්ථනය කරල මෘදුකාංගයෙ නිර්මාතෘ Krzysztof Kowalczyk ට යැව්වට පස්සෙ එදාම වගේ PDF reader එකේ pre release version එකට සිංහල අතුරුමුහුණතත් එකතුකරල තිබ්බ. ඉතින් ඒ ගැන ඔහුටත් ස්තූතිවන්ත වෙ...

FOSS is the new trend

තාමත් සමහර අය හිතන් ඉන්නෙ FOSS (Free and open source software) පාවිච්චි කරන්න ගීක්ල වෙන්න ඕන කියල. ඒත් ඇත්තටම බැලුවොත් FOSS නැතිනම් නිදහස් හා විවෘත මෘදුකාංග පාවිච්චි කරන එක හරිම සිම්පල් ප්ලෑන් එකක්. දැන් තියෙන සෑම විවෘත මෘදුකාංගයක් වගේම සරල පරිශීලක අතුරු මුහුණත් පාවිච්චි වෙන හින්ද ඕනම මට්ටමක ඕනම කෙනෙක්ට තමන්ගෙ එදිනෙදා වැඩ වලට ඉතාම පහසුවෙන් විවෘත මෘදුකාංග යොදා ගන්න පුලුවන්. තමන්ට ටිකක් හරි තාක්ශණික දැනුමක් තියෙනවනම් මෘදුකාංගය කිසිම නීතිමය බලපෑමකින් තොරව කැමති විදියට වෙනස් කර ගන්න පුලුවන් වගේම ඒ වෙනස්කරපු මෘදුකාංගය යාලුවන් අතරෙ කිසිම අවුලක් නැතුව බෙදාහරින උනත් පුලුවන්. කොටින්ම කිව්වොත් විවෘත මෘදුකාංග වලදි පරිශීලකයට මෘදුකාංගයෙ පූර්ණ නිදහසම අත්විදීමේ හැකියාව ලැබෙනව. තාමත් ගොඩ දෙනෙක් අතර තියෙන වැරදි මතයක් තමයි නිදහස් හා විවෘත මෘදුකාංග කියන්නෙ ලිනක්ස්(Linux) විතරයි කියන එක. ඒත් ලිනක්ස් කියන්නෙ නිදහසේ පාවිචිචි කරන්න පුලුවන්, තමන්ට කැමති විදියට වෙනස්කරගන්න වගේම කැමති විදියට බෙදාහරින්න පුලුවන් නිදහස් මෘදුකාංග ප්‍රජාවේ වැඩිම සහයක් ලබන ආරක්ශිත, අංග සම්පූර්ණ, විශිෂ්ට මෙහෙයුම් පද්ධතියක් (Oper...

The "Ubuntu" family

හැමෝම ඉතින් උබුන්ටු ගැන නම් දන්නවනෙ. ඒත් අද මන් ෆේස් බුක් එකේ චැටක් දාගෙන ඉන්න කොට සමීරය මට ලින්ක් එකක් දුන්න. ඉතින් මාත් ගිහිල්ල බැලුව මොකක්ද සීන් එක කියල. ගිහිල්ල බැලින්නම් ඒ තමයි ලුබුන්ටු(Lubuntu) . උබුන්ටු පව්ලෙම තවත් සාමාජිකයෙක්. මේක හදල තියෙන්නෙ උබුන්ටු වලට LXDE(Lightweight X11 Desktop Environment) එකතු කිරීමෙන්. ඉතින් මේක දැක්කට පස්සෙ මට හිතුනා උබුන්ටු පවුලෙ ඉන්න අනිත් සාමාජිකයො ගැනත් පොඩ්ඩක් හොයල බලල ඒ ගැන පොඩි සටහනක් දාන්න Ubuntu Server Edition මේක ගැනත් ඉතින් හැමෝම දන්නවනෙ. සර්වර් පරිගණක සදහා භාවිත කරන්න පහසු වන විදියටයි මේක හදල තියෙන්නෙ,මෙමගින් ඊ මේල් හසුරුවන්න,ජාලයෙ ප්‍රින්ටර් හසුරුවන්න,ෆයිල් සර්වරයක් විදියට ක්‍රියා කරවනව වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් Kubuntu කුබුන්ටුත් සාමාන්‍යයෙන් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය උබුන්ටු වල තියෙන Gnome පරිශීලක අතුරුමුහුණත වෙනුවට KDE යොදල තියෙන එක. KDE වල මනරම් බවත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට ඇති සමාන කමත් නිසා ලිනක්ස් වලට නවකයෙකුට මුලින්ම භාවිතා කරන්න පුලුවන් ඩෙක්ස්ටොප් OS එකක් විදියටත් Kubuntu හද...

උසස් පෙළට ICT කිරීම හා කැම්පස් යාම

2009 වසරෙ ඉදල උසස් පෙළ විශය නිර්දේශය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ශණය (Information and Communication Technology) ප්‍රධාන විශයක් විදියට හදුන්වල දීල තිබුනත් ඒ සදහා ඉදිරිපත් වන සිසුන් සංඛ්‍යාව නම් ප්‍රමාණාත්මකව පහල අගයකයි තියෙන්නෙ. මේකට ප්‍රධාන වශයෙන්ම සිසුන් මෙවැනි විශයක් ගැන දැනුවත් නොවීමත්, විශය සදහා සිසුන් ඉදිරිපත් කිරීමට පාසල් වල ඇති අකමැත්තත් (සිසුන්ගේ ලකුණු අඩුවේයැයි යන මතය) මූලිකව බල පානව. නමුත් තොරතුරු තාක්ශණය ඕනෑම විශය සංකලනයක් සමග හැදෑරිය හැකි නම්‍යශීලී විශයක් වගේම ගණිත හෝ වාණිජ අංශයෙන් හැදෑරීම මගින් විශ්ව විද්‍යාල පාථමාලා රාශියක් විවර වෙලා තිබුනත් ගොඩ දෙනෙකුට තියෙන මූලිකම ගැටලුවක් තමයි තොරතුරු තාක්ශණය හැදෑරීම මගින් තමන්ට අනාගතයේ මොනවගේ විශ්වවිද්‍යාල පාථමාලා හදාරන්න පුලුවන් වෙයිද කියන එක. නමුත් මුලින්ම කියන්න ඕන දෙයක් තමයි ගණිත අංශයෙන් රසායන විද්‍යාව වෙනුවට තොරතුරු තාක්ශණය කරල රජයේ විශ්වවිද්‍යාලයකින් ඉන්ජිනේරු පාඨමාලා නම් හදාරන්න බැහැයි කියල. මොකද රජයේ විශ්වවිද්‍යාලයකින්(නොමිලයේ) ඉන්ජිනේරු පාඨමාලාවක් හැදෑරීමට ඉල්ලුම් කරනවනම් ඒකට අනිව රසායන විද්‍යාව කරල තියෙන්නම ඕනෙ. ඒත් මන...

Create simple home network | part 2

කලින් පෝස්ට් එකේදි මන් කිව්වනෙ දෙක එකට එකතු කරන්න ඕන කරන මූලික දේවල්...ඒක කියවන්න බැරි උනානම් මුලින්ම මෙතනින් ඒක කියවල ඉන්නකො මේකෙදි අපි මුලින් පරිගණක දෙකටම අයිපී ඇඩ්‍රස් ලබා දෙන්න ඕනෙ ඒ සදහා Start → Control Panel හරහා Network Connection වෙත ගොස් එහි ඇති Local Area Connection අයිකනය මත රයිට් ක්ලික් කර Properties තෝරා Local Area Connection Properties ඩයලොග් බොක්ස් එක ඕපන් කරගන්න. එහි General ටැබ් එක යටතේ ඇති Internet Protocol (TCP/IP) ඩබල් ක්ලික් කල විට මතුවන Internet Protocol Properties ඩයලොග් බොක්ස් එකෙහි Use the following IP address ලෙස සිලෙක්ට් කර IP address සදහා 192.168.1.1 ද Subnet mask සදහා 255.255.255.0 ලෙසද ලබා දී OK කර ප්‍රොපටීස් ඩයලොග් බොක්ස් එක

Create simple home network | part 1

මට මේ ලගදි මගෙ කම්පියුටර්ස් දෙක එකට නෙට්වර්ක් කරගන්න ඕන උනා. (දෙකම ඩෙක්ස්ටොප් මට කොයින්ද ලැප්ටොප් :P) ඉතින් මන් කොහොමහරි විදෙශ ආධාරත් ඇතුව දෙක එකට නෙවර්ක් කලා. හැබැයි පරිගණක දෙකකට වැඩිය නෙට්වර්ක් කරන්න නම් ඒගැන විශේෂයෙන්ම ඉගෙනගන්නත් වෙනව වගේම විශේෂ උපකරණත් ඕනෙ. තව මේ වැඩේට යම් මුදලකුත් වියදම් වෙනව. (අපි වගේ රැකියා විරහිත පාසල් ශිෂ්‍යයින්ට කොහෙන්ද ඕවට මුදල් :D) නමුත් කිසි ගින්නක් නැතුව පරිගණක දෙකක් නම් එකට නෙට්වර්ක් කරගන්න පුලුවන්. (ගොඩක් අය ගාව ලැපකුයි, ඩෙක්ස්ටොප් එකයි තියෙන නිසා මේ විදියට ලේසියෙන්ම ඒව නෙට්වර්ක් කර ගන්න පුලුවන්) එදිනෙදා වැඩ වලදි

අපිත් දැන් ෆුල් නිදහස්

Image
මේ දවස් වල නම් මට අල ගෝනි පිටින් හම්බු වෙලා තිබ්බෙ. ඒ මදිවට මගෙ සවුන්ඩ් කාඩ් එක වැඩ නැතිව මාව අනාතත් උනා. කොහොමින් කොහොමින් හරි දන්න ගැට සේරම දාල වැඩේ ගොඩ දාගත්ත කියමුකො… මට පොඩි අයිඩියා පාරක් ආව ෆුල් ෆොස් වෙන්න ;) මන් හෙන කාලෙක ඉදල උබුන්ටු පාවිච්චි කලාට ඒ හැම වෙලාවකම Windows & Ubuntu Dual boot විදියටයි දාල තිබ්බෙ. වින්ඩෝස් දාල තිබ්බෙ මොකක් හරි කරද්දි මගදි කෙල වුනොත් මන් නස්තාර් වෙන හින්ද. අද උදේ

FOSS for windows

Image
වර්ථමානයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය හා දැනට වැඩිපුරම භාවිත කරන වාණිජ මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස්(Windows) මෙහෙයුම් පද්ධතිය සදහා භාවිත කල හැකි නිදහස් හා විවෘත මෘදුකාංග ඉතා විශාල සංඛ්‍යාවක් තිබුණත් ගොඩ දෙනෙක් තාමත් පාවිච්චි කරන්නෙ ව්‍යාජ මෘදුකාංග පිටපත්(Software Pirate Copies). නමුත් මේ වෙනුවට කිසිදු මුදලක් වියදන් නොකර ඉතා ඉහල මට්ටමේ විවෘත මෘදුකාංග(Open Source Software) පිටපත් නොමිලයේම භාවිතා කරන්න පුලුවන්.

What is FOSS?

අපි නොදන්න FOSS කිව්වට නිදහස් හා විවෘර්ත මෘදුකාංග (Free and Open Source Software) පිළිබදව ගොඩක් දෙනා දන්නවා. නමුත් තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව තුල පරිගණක භාවිතය වැඩි වීමත් සමග වාණිජ මෘදුකාංග වල ව්‍යාජ පිටපත් හාවිතය අපි කාටත් අත් දකින්නට ලැබෙන සුලභ කරුණකි. මුල් කාලයේදී අප රටේ පරිගණක අපරාධ සම්භන්දයෙන් බලාත්මක නීතියක් නොතිබුණු අතර 2007 දී පරිගණක අපරාධ පිළිබද පණත බලාත්මක කිරීමත් සමග පරිගණක ආශිත ක්‍රියාකාරකම් සාධනීය ලක්ෂණ ඉස්මතු විය.ඒ අනුව වාණිජ මෘදුකාංග වල ව්‍යාජ පිටපත් අලවිය

Alison, online learning

මේ දව්ස් වල සාපෙ ඉවරවෙලා අපේ කොල්ලො එක එක Courses වලට Classes යන හින්ද මටත් හිතුන නිකන් ගෙදර ඉන්න එකේ මොනවහරි ඉගෙන ගන්න ;) ඉතින් මාත් ගෙදර ඉදලම වැඩේ පටන් ගත්ත. දැන් නන් වැඩේ නැගල යනව :D ඉතින් මන් හිතුව මේ ගැන දන්නැති අනිත් කට්ටියටත් දැනගන්න එක්ක පෝස්ට් එකක් දාන්න. මේ වෙබ් සයිට් එක ගැන ගොඩක් අය දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි.මේ සයිට් එකේ නම Alison.com මේකෙ විවිධ ක්ෂේත්‍ර ගැන අපිට ගොඩක් හොද පාඨමාලා නොමිලේම ඉදිරිපත් කරල තියනව වගේම ඒ පාඨමාලා වල ගුණාත්මක භාවයත් ඉතාම ඉහල මට්ටමක තියෙන විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නෙ. ඒ වගේම තියෙන Lessons ඇක්ට්ව් විදිහට Study කරන්නත් පුලුවන්. ඉතින් ඔයාලත් alison.com එකට ගිහිල්ල අදම වැඩ පටන් ගත්තොත් නරකද? ;)