Posts

Showing posts with the label විරහව

මගෙ හිත හරිම නපුරුයි කෙල්ලෙ

එදා යන්න තිබ්බෙ වෙන ගමනක් ඔව්, වෙනමම ගමනක් එහෙම ගියානම් අපි දෙන්නගෙම මතකයන් මේ තරම්ම දුක්බර නොවෙන්න තිබ්බ ඒත් අපි ගියා, ඔව් අපි හිතුවත්, නොහිතපු විදියකට ගියා ඔයා අඩපු කදුලු වල ගණකම.. හ්ම්ම් ඒ කදුලුවලින් ඔයා ඇහුවෙ අපි කරන දේ තේරුම මම දන්නව මම හොද මිනිහෙක් නෙමෙයි කියල ඒත් මම නරක මිනිහෙකුත් නෙමෙයි කියල ඔයත් දන්නව අපි දෙන්නම එදා ඒ වින්ද සතුට දෙන්නට දෙන්න ලෝකෙට හොරෙන් වින්ද ආදරය මම දන්නව ඒ ආදරය නෙමෙයි කියල මම ආදරය කරන්න දන්න කෙනෙකුත් නෙමෙයි කියල හැබැයි ඔයා, ඔයා මුලු හදවතින්ම කලේ ආදරේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ ආදරේ.

ඔයා යන්නම ගිහින් නිසා

ඇස් දෙක දිහා බලන් ආදරෙයි නොකියද්දි හිතුවෙ ඒ ඔයාගෙ හැටි කියල ආදරේ වෙනුවෙන් හැමෝම කැපකිරීම් කරද්දි ඔයා එහෙම නොකලත් මන් ඔයාට ආදරේ කලා ඒ ආදරේ තරමටම මන් ඔයාව විශ්වාස කලේ මගෙ ආදරේ ඔයාව වෙනස් කලා කියල හිතපු නිසා ඒ විශ්වාසය දවසින් දවස ඔයාට මාව ලං කලා නොහිතපු තරම් ලං වෙලා මටත් වඩා මන් ඔයාට අවංක වෙද්දි ඔයා නැතුව ඉන්න බැරි තරමටම මට ඔයාව ඕන වෙද්දි හීනෙන්වත් හිතුවෙ නෑ ඔයා මට විහිලුවටවත් බොරු කරයි කියල ඒත් මම වැරදියි කියල හිතෙද්දි දැන්නෙනෙ දුකක්ම නෙමේ එකම එක කාලකන්නි හැගීමක් විතරයි ඒ මගෙ හිත දැන් ගලක් කරල ඔයා යන්නම ගිහින් නිසා