Posts

Hello 2011, New year and the new domain

First of all I want to wish you all a Happy New Year! Hope you all celebrated it. Anyways, after few months I'm back to my blog and yeah I got some special reasons this time. However in this year, I’m thinking to contribute some open source software projects, including localization, documentation, testing and etc. Also wanna do my studies as well. Hope both will be successful. I’m trying to update my blog as often as I cound including writing about my experiences, interests and some tech stuffs. Last year I’ve bought hasitha.org domain name :P. and long time after getting it, I’m planning to get some use out of it. Oh, yeah.. I’ve moved my blog to new sub-domain blog.hasitha.org . And moved from Blogger to Wordpress as well. Wordpress is little new to me. And thinking to do some experiments from it ;). I’m really enjoying wordpress. I’ve selected a light theme for my blog and added some blog post from my old blog. But all comments of my old blog-posts are lost. Finally I...

FOSS is the new trend

තාමත් සමහර අය හිතන් ඉන්නෙ FOSS (Free and open source software) පාවිච්චි කරන්න ගීක්ල වෙන්න ඕන කියල. ඒත් ඇත්තටම බැලුවොත් FOSS නැතිනම් නිදහස් හා විවෘත මෘදුකාංග පාවිච්චි කරන එක හරිම සිම්පල් ප්ලෑන් එකක්. දැන් තියෙන සෑම විවෘත මෘදුකාංගයක් වගේම සරල පරිශීලක අතුරු මුහුණත් පාවිච්චි වෙන හින්ද ඕනම මට්ටමක ඕනම කෙනෙක්ට තමන්ගෙ එදිනෙදා වැඩ වලට ඉතාම පහසුවෙන් විවෘත මෘදුකාංග යොදා ගන්න පුලුවන්. තමන්ට ටිකක් හරි තාක්ශණික දැනුමක් තියෙනවනම් මෘදුකාංගය කිසිම නීතිමය බලපෑමකින් තොරව කැමති විදියට වෙනස් කර ගන්න පුලුවන් වගේම ඒ වෙනස්කරපු මෘදුකාංගය යාලුවන් අතරෙ කිසිම අවුලක් නැතුව බෙදාහරින උනත් පුලුවන්. කොටින්ම කිව්වොත් විවෘත මෘදුකාංග වලදි පරිශීලකයට මෘදුකාංගයෙ පූර්ණ නිදහසම අත්විදීමේ හැකියාව ලැබෙනව. තාමත් ගොඩ දෙනෙක් අතර තියෙන වැරදි මතයක් තමයි නිදහස් හා විවෘත මෘදුකාංග කියන්නෙ ලිනක්ස්(Linux) විතරයි කියන එක. ඒත් ලිනක්ස් කියන්නෙ නිදහසේ පාවිචිචි කරන්න පුලුවන්, තමන්ට කැමති විදියට වෙනස්කරගන්න වගේම කැමති විදියට බෙදාහරින්න පුලුවන් නිදහස් මෘදුකාංග ප්‍රජාවේ වැඩිම සහයක් ලබන ආරක්ශිත, අංග සම්පූර්ණ, විශිෂ්ට මෙහෙයුම් පද්ධතියක් (Oper...

The "Ubuntu" family

හැමෝම ඉතින් උබුන්ටු ගැන නම් දන්නවනෙ. ඒත් අද මන් ෆේස් බුක් එකේ චැටක් දාගෙන ඉන්න කොට සමීරය මට ලින්ක් එකක් දුන්න. ඉතින් මාත් ගිහිල්ල බැලුව මොකක්ද සීන් එක කියල. ගිහිල්ල බැලින්නම් ඒ තමයි ලුබුන්ටු(Lubuntu) . උබුන්ටු පව්ලෙම තවත් සාමාජිකයෙක්. මේක හදල තියෙන්නෙ උබුන්ටු වලට LXDE(Lightweight X11 Desktop Environment) එකතු කිරීමෙන්. ඉතින් මේක දැක්කට පස්සෙ මට හිතුනා උබුන්ටු පවුලෙ ඉන්න අනිත් සාමාජිකයො ගැනත් පොඩ්ඩක් හොයල බලල ඒ ගැන පොඩි සටහනක් දාන්න Ubuntu Server Edition මේක ගැනත් ඉතින් හැමෝම දන්නවනෙ. සර්වර් පරිගණක සදහා භාවිත කරන්න පහසු වන විදියටයි මේක හදල තියෙන්නෙ,මෙමගින් ඊ මේල් හසුරුවන්න,ජාලයෙ ප්‍රින්ටර් හසුරුවන්න,ෆයිල් සර්වරයක් විදියට ක්‍රියා කරවනව වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් Kubuntu කුබුන්ටුත් සාමාන්‍යයෙන් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය උබුන්ටු වල තියෙන Gnome පරිශීලක අතුරුමුහුණත වෙනුවට KDE යොදල තියෙන එක. KDE වල මනරම් බවත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට ඇති සමාන කමත් නිසා ලිනක්ස් වලට නවකයෙකුට මුලින්ම භාවිතා කරන්න පුලුවන් ඩෙක්ස්ටොප් OS එකක් විදියටත් Kubuntu හද...

උසස් පෙළට ICT කිරීම හා කැම්පස් යාම

2009 වසරෙ ඉදල උසස් පෙළ විශය නිර්දේශය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ශණය (Information and Communication Technology) ප්‍රධාන විශයක් විදියට හදුන්වල දීල තිබුනත් ඒ සදහා ඉදිරිපත් වන සිසුන් සංඛ්‍යාව නම් ප්‍රමාණාත්මකව පහල අගයකයි තියෙන්නෙ. මේකට ප්‍රධාන වශයෙන්ම සිසුන් මෙවැනි විශයක් ගැන දැනුවත් නොවීමත්, විශය සදහා සිසුන් ඉදිරිපත් කිරීමට පාසල් වල ඇති අකමැත්තත් (සිසුන්ගේ ලකුණු අඩුවේයැයි යන මතය) මූලිකව බල පානව. නමුත් තොරතුරු තාක්ශණය ඕනෑම විශය සංකලනයක් සමග හැදෑරිය හැකි නම්‍යශීලී විශයක් වගේම ගණිත හෝ වාණිජ අංශයෙන් හැදෑරීම මගින් විශ්ව විද්‍යාල පාථමාලා රාශියක් විවර වෙලා තිබුනත් ගොඩ දෙනෙකුට තියෙන මූලිකම ගැටලුවක් තමයි තොරතුරු තාක්ශණය හැදෑරීම මගින් තමන්ට අනාගතයේ මොනවගේ විශ්වවිද්‍යාල පාථමාලා හදාරන්න පුලුවන් වෙයිද කියන එක. නමුත් මුලින්ම කියන්න ඕන දෙයක් තමයි ගණිත අංශයෙන් රසායන විද්‍යාව වෙනුවට තොරතුරු තාක්ශණය කරල රජයේ විශ්වවිද්‍යාලයකින් ඉන්ජිනේරු පාඨමාලා නම් හදාරන්න බැහැයි කියල. මොකද රජයේ විශ්වවිද්‍යාලයකින්(නොමිලයේ) ඉන්ජිනේරු පාඨමාලාවක් හැදෑරීමට ඉල්ලුම් කරනවනම් ඒකට අනිව රසායන විද්‍යාව කරල තියෙන්නම ඕනෙ. ඒත් මන...

Create simple home network | part 2

කලින් පෝස්ට් එකේදි මන් කිව්වනෙ දෙක එකට එකතු කරන්න ඕන කරන මූලික දේවල්...ඒක කියවන්න බැරි උනානම් මුලින්ම මෙතනින් ඒක කියවල ඉන්නකො මේකෙදි අපි මුලින් පරිගණක දෙකටම අයිපී ඇඩ්‍රස් ලබා දෙන්න ඕනෙ ඒ සදහා Start → Control Panel හරහා Network Connection වෙත ගොස් එහි ඇති Local Area Connection අයිකනය මත රයිට් ක්ලික් කර Properties තෝරා Local Area Connection Properties ඩයලොග් බොක්ස් එක ඕපන් කරගන්න. එහි General ටැබ් එක යටතේ ඇති Internet Protocol (TCP/IP) ඩබල් ක්ලික් කල විට මතුවන Internet Protocol Properties ඩයලොග් බොක්ස් එකෙහි Use the following IP address ලෙස සිලෙක්ට් කර IP address සදහා 192.168.1.1 ද Subnet mask සදහා 255.255.255.0 ලෙසද ලබා දී OK කර ප්‍රොපටීස් ඩයලොග් බොක්ස් එක

Create simple home network | part 1

මට මේ ලගදි මගෙ කම්පියුටර්ස් දෙක එකට නෙට්වර්ක් කරගන්න ඕන උනා. (දෙකම ඩෙක්ස්ටොප් මට කොයින්ද ලැප්ටොප් :P) ඉතින් මන් කොහොමහරි විදෙශ ආධාරත් ඇතුව දෙක එකට නෙවර්ක් කලා. හැබැයි පරිගණක දෙකකට වැඩිය නෙට්වර්ක් කරන්න නම් ඒගැන විශේෂයෙන්ම ඉගෙනගන්නත් වෙනව වගේම විශේෂ උපකරණත් ඕනෙ. තව මේ වැඩේට යම් මුදලකුත් වියදම් වෙනව. (අපි වගේ රැකියා විරහිත පාසල් ශිෂ්‍යයින්ට කොහෙන්ද ඕවට මුදල් :D) නමුත් කිසි ගින්නක් නැතුව පරිගණක දෙකක් නම් එකට නෙට්වර්ක් කරගන්න පුලුවන්. (ගොඩක් අය ගාව ලැපකුයි, ඩෙක්ස්ටොප් එකයි තියෙන නිසා මේ විදියට ලේසියෙන්ම ඒව නෙට්වර්ක් කර ගන්න පුලුවන්) එදිනෙදා වැඩ වලදි

අපිත් දැන් ෆුල් නිදහස්

Image
මේ දවස් වල නම් මට අල ගෝනි පිටින් හම්බු වෙලා තිබ්බෙ. ඒ මදිවට මගෙ සවුන්ඩ් කාඩ් එක වැඩ නැතිව මාව අනාතත් උනා. කොහොමින් කොහොමින් හරි දන්න ගැට සේරම දාල වැඩේ ගොඩ දාගත්ත කියමුකො… මට පොඩි අයිඩියා පාරක් ආව ෆුල් ෆොස් වෙන්න ;) මන් හෙන කාලෙක ඉදල උබුන්ටු පාවිච්චි කලාට ඒ හැම වෙලාවකම Windows & Ubuntu Dual boot විදියටයි දාල තිබ්බෙ. වින්ඩෝස් දාල තිබ්බෙ මොකක් හරි කරද්දි මගදි කෙල වුනොත් මන් නස්තාර් වෙන හින්ද. අද උදේ