Posts

Alison, online learning

මේ දව්ස් වල සාපෙ ඉවරවෙලා අපේ කොල්ලො එක එක Courses වලට Classes යන හින්ද මටත් හිතුන නිකන් ගෙදර ඉන්න එකේ මොනවහරි ඉගෙන ගන්න ;) ඉතින් මාත් ගෙදර ඉදලම වැඩේ පටන් ගත්ත. දැන් නන් වැඩේ නැගල යනව :D ඉතින් මන් හිතුව මේ ගැන දන්නැති අනිත් කට්ටියටත් දැනගන්න එක්ක පෝස්ට් එකක් දාන්න. මේ වෙබ් සයිට් එක ගැන ගොඩක් අය දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි.මේ සයිට් එකේ නම Alison.com මේකෙ විවිධ ක්ෂේත්‍ර ගැන අපිට ගොඩක් හොද පාඨමාලා නොමිලේම ඉදිරිපත් කරල තියනව වගේම ඒ පාඨමාලා වල ගුණාත්මක භාවයත් ඉතාම ඉහල මට්ටමක තියෙන විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නෙ. ඒ වගේම තියෙන Lessons ඇක්ට්ව් විදිහට Study කරන්නත් පුලුවන්. ඉතින් ඔයාලත් alison.com එකට ගිහිල්ල අදම වැඩ පටන් ගත්තොත් නරකද? ;)

ආයුබොවන්!

ආයුබොවන්! මම හසිත කුසල් ජයසූරිය. මටත් හිතුන සින්හලෙන් බ්ලොග් එකක් ලියන්න.ඔන්න ඉතින් අද මම හා හා පුරා කියල වැඩේ නම් පටන් ගත්ත. මන් ගැන කියනවනම් දැනට මම කොළඹ ආනන්ද විද්‍යාලයෙ ශිශ්‍යයෙක්. දැනට නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයට මූන දීල ප්‍රතිඵල අපේක්ශාවෙන් ඉන්නව. කොහොම උනත් වෙලාවක් හම්බුනු හැම වෙලාවකම හිතේ තියන අදහස බ්ලොග් එකේ ලියල දාන්න තමයි මන් හිතන් ඉන්නෙ, ඉතින් ඔයාලටත් ඔයාලට පුලුවන් හැම වෙලාවකම මගෙ බිලොග් එක කියවල ඔයාලගෙ අදහස් ලියල යනවනම් නවකයෙක් විදිහට මගෙ වැරදි හදාගෙන ඉදිරියට යන්න ඒක මට ලොකු ශක්තියක්ම වේවි.